The Diamond Story’
ජය ශ්‍රී සංගීත කණ්ඩායම කරපු අලුත් නිර්මාණයක් ගැන පහුගිය දින කීපය පුරාම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ නැගුණා. මේකෙදී ඩයමන්ඩ් එකක් ගැන කතාවකුත් එළියට ආවා. කොහොම වුණත්, අවසානේදී හෙළිදරව් වුණේ මේ ඩයමන්ඩ් කතාව නැගුණේ අලුතින්ම එන ජය ශ්‍රී ලගේ ගීතයක් ගැන කියලයි. ඒ ‘මතුවෙන්න – The Diamond Story’ ගීතයයි.
දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල රූපගත කෙරුණු මේ ගීතය මෙතෙක් ජය ශ්‍රී ලා ගැයූ ගීත අතරින් වෙනස්ම විදියේ ගීතයක්. සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් නිර්මාණය වුණු මේ ගීතයේ සංගීතවත් කරලා තියෙන්නේ මෑතකාලයේ ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය කළ රැප්සිලා (සාරංග දිනේෂ්). ‘මතුවෙන්න’ ගීතයේ රූප රචනයට සිනමාවට සම්බන්ධ දැවැන්ත නිර්මාණකරුවන් කීපදෙනෙකුත් සම්බන්ධ වී තියෙනවා.
‘සිව්කොණ එකතුවෙලා – ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ
ජයගන්නට හැකි තුරුම්පුවක් වී – ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවිතේ – විඳගන්න
ජයගන්න’
ගීතයේ රූප රචනය පුරාම දැකගන්නට හැකිවෙන්නේ ඩයමන්ඩ් සංකේතයි. නොබෙඳෙන බැඳීම්, හිතවත්කම් ගැන කියවෙන මේ ගීතය තුළින් යළි යළිත් ඉස්මතු වෙන්නේ අපේකම ගැනයි. විදෙස්ගත වෙලා හිටියත් කාලෙන් කාලෙට ලංකාවට ඇවිත් ප්‍රසංග වේදිකාව හැඩකරන ජය ශ්‍රී කණ්ඩායම කරපු මේ නිර්මාණය අපේකම ගැන කියන වෙනස්ම අත්දැකීමක් වේවි.
ඒවගේම, ඩයමන්ඩ් එකක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නැගිටින්න කියන පණිවිඩයත් මේ ගීතයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන්ම, ජය ශ්‍රී ලා මේ ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…