දේශීය

ඇසල පුන් පොහෝ දිනය අදයි..

ඇසල පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේ අද වැනි පුන් පොහෝය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

උන්වහන්සේ ගිහිගෙය කලකිරී මහ අභිනිෂ්ක්‍රමණය සිදුකිරීමත් රාහුල කුමරුන්ගේ උපත සිදුවීම සිදුවන්නේත් ඇසල පුර පොහොය දිනයක යි.

මැණියන්ට උපස්ථාන කිරීමේ වටිනාකම ආදර්ශයක් කොට පෙන්වා දෙමින් බුදු රජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට සද්ධර්මය දේශනා කරන්නේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

ලෝක සත්වයා වෙනුවෙන් සම්බුදු රජාණන් වහන්සේ ප්‍රථම සද්ධර්ම දේශනාව පවත්වා ඇත්තේ ද ඇසල පුර පසළොස්වක පොහෝ දිනයක බව ශාසන ඉතිහාසය සඳහන් කරනවා. මේ හේතුවෙන් මුළු මහත් ලෝකයේ වෙසෙන බෞද්ධ ජනතාවට වඩාත් වැදගත් පොහෝ දිනයක් බවට ඇසල පොහොය නිතැතින් පත්වෙනවා.

ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ සුවිශේෂී පොහෝ දිනයක් වන ඇසල පුන් පොහෝ දිනය බෞද්ධ ජනතාව මහත් හරසරින් යුතුව සමරණු ලබයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago