Thursday, May 14, 2026
Homeදේශීයපොහොට්ටුව දැන් 70%ක් ආසන බලමණ්ඩල හදලා අවසන්ලු - ජොනී කියයි

පොහොට්ටුව දැන් 70%ක් ආසන බලමණ්ඩල හදලා අවසන්ලු – ජොනී කියයි

අපිට ගමට යන්න බෑ කිවුවා පොහොට්ටුව ඉවරයි කිවුවා අපි මේ වෙනකොට සියයට හැත්තෑවක් ආසන බලමණ්ඩල පිහිටුවලා ඉවරයි හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ පොල්ගහවෙල ආසන බලමණ්ඩල රැස්වීමේදීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු,

70% of the constituencies in Pohottuwa have been completed - says Johnny

“මම එකක් මතක් කරන්නම් අපේ ගෙවල් වලට ගිනිතියලා අපේ මන්ත්‍රීවරු මැරුවට අපිට අළු මතින් නැගිටින්න පුළුවන් කියලා.මේ දිස්ත්‍රික්කය ජනාධිපතිවරණයේදී දිනනවා දෙලක්ෂ ගාණකට වැඩියෙන් ඡන්ද අරගෙන,මහමැතිවරණය දිනනවා හාරලක්ෂයකට වඩා වැඩියෙන් ඡන්ද අරගෙන. පාර්ලිමේන්තුවට යනවා 11ක් මේ දිස්ත්‍රික්කයෙන්.මහින්ද රාජපක්ෂ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගන්නවා.කිසිම අගෞරවයක් වෙන්න මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඉඩ දුන්නෙ නෑ.දැන් ඇයි මේ බලමණ්ඩල පවත්වාගෙන යන්නෙ අපිට කිවුවා පොහොට්ටුවට ගමට එන්න බෑ රැස්වීම් තියන්න බෑ පොහොට්ටුව ඉවරයි කිවුවා, මැති ඇමතිවරු හැංගුනා ඉල්ලලා අස්වුණා කිවුවා, හොයාගන්න නෑ කිවුවා හැබැයි අපි කියනවා අද වෙද්දි අපි අපේ ආසන වලින් සියයට හැත්තෑවකට(70%) වඩා බලමණ්ඩල පිහිටුවලා ඉවරයි.ඒ යන හැමතැනම අපිට දෙන පණිවිඩය තමයි ඊලගට එන්නෙ මොන මැතිවරණයද අපේ පක්ෂය පොහොට්ටුව ඕනෙම මැතිවරණයක් ජයග්‍රහණය කරනවා කියන පණිවිඩය තමයි.”

READ:   තද සුළඟින් හා අකුණුවලින් විය හැකි අනතුරු අවම කරගන්න.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්