Thursday, August 13, 2026
Homeක්‍රීඩාජැෆ්නා කිංග්ස් ට සුපිරි ජයක්

ජැෆ්නා කිංග්ස් ට සුපිරි ජයක්

ලංකා ප්‍රිමියර් සිව්වන අදියර ආරම්භ කරමින් පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ (30) කලම්බෝ ස්ට්‍රයිකර්ස් පිළ පරාජයට පත් කරමින්.

කලම්බෝ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා.

එහිදී Towhid Hridoy ලකුණු 54(39) , දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25 ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ පිළ පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.

නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 58 (34) ක් ලබාගත්තා.

ඒ අනුව පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සතුකර ගත්තා.

READ:   ගාල්ල සහ දඹුල්ල අතර සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්