දේශීය

සජිත්ගෙන් ඉල්ලීම් රැසක්..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් අද (29) පස්වරුවේ කොළඹ දී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිලිබඳව මෙහිදී දෙපලගේ අවධානය යොමුව ඇති අතර (JAICA) සහ (JBIC) ණය ආධාර ක්‍රම යටතේ ශ්‍රී ලංකා ජනරජයටත් එහි මහජනතාවටත් ජපානය විසින් හෘදයාංගමව ලබා දී ඇති උදව් උපකාර පිළිබඳවත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික රූපවාහිනී සංස්ථාව ඇතුළු ජපානයෙන් මෙරටට ලැබුණු වටිනා ජාතික සම්පත් පිලිබදවත් විපක්ෂනායක වරයා ජපන් රජයට මෙන්ම එහි පුරවැසියන්ටත් සිය කෘතඤතාවය පිරිණමා ඇත.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) පටු දේශපාලන තීරණ මගින් නවතාලීම නිසා සිදුවූ මතභේදාත්මක තත්ත්වය පිලිබදව කණගාටුව පළකර සිටි විපක්ෂනායකවරයා සිය රජයක් යටතේ එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට ජපානය සමඟ අතවැල් බැඳගැනීමට බලාසිටින බව ආවධාරණය කළා.

ජපානයේ අධ්‍යාපන ව්‍යුහයේ ධනාත්මක ප්‍රවේශය අගය කිරීමට ලක් කර ඇති විපක්ෂ නායකවරයා ජපන් ජනතාවගේ විනය,කැපවීම , කඩිසරබාවය හා අවංකබාවය තමා මහත් ඉහළින් අහය කරන බවත් එවැනි ගුණාංග වලින් ශ්‍රී ලාංකේය ජාතිය සන්නද්ධ කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදුකිරීම කෙරෙහි ද සිය රජයක් යටතේ අවධානය යොමු කරන බවත් පවසා ඇත.

මේ වන විට, රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.4%ක සුළු ප්‍රමාණයකට පමණක් දායකත්වය දක්වන ධීවර කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය වන ජපන් තාක්ෂණය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ජපන් රජයෙන් ඉල්ලීම් කළ බව සඳහන් වෙනවා.

EEZ විශේෂ ආර්ථික කලාපයේ පිහිටා ඇති නාවික සැතපුම් 200ක වපසරියක් පුරා දිවයින වටා පැතිර ඇති මුහුදු සම්පත නිසියාකාරයෙන් රටේ ආර්ථිකයට දායක කර ගැනීමට තමන්ට ඇති දැක්ම හා අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම තොරතුරු තාක්ෂණ (IT) විප්ලවය නගරයට පමණක් සීමා වී ඇති හෙයින් ගමේ දරුවන්ට තවමත් එම තාක්ෂණයට උරුමයක් නොමැති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ජපන් විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ගමේ දක්ෂ දරැවන්ටත් තාක්ෂණ ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසා දීමට ආධාර කරන ලෙසයි.

තවදුරටත් ජපන් විදේශ අමාත්‍යවරයෙ හමුවේ විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේ රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීම සදහා දිය හැකි සියලුම සහය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ලබා දෙන ලෙස යි. එමෙන්ම එම ආධාර වල බාවිතය හා ඵලදායීතාවය අධීක්ෂණය කිරීමට දායක වන මෙන්ද විපක්ෂ නායක වරයා ජපන් රජයෙන් ඉල්ලා තිබේ.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

6 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago