file
කැබිතිගොල්ලෑව, ගලවැව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
ඊයේ (28) සවස මෙම පහරදීම සිදුව ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 64ක් වන කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා.
මරණකරු නිවස ආසන්නයේ වී මෝලක රැදී සිටින අවස්ථාවේදී එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පුද්ගලික ආරවුලක් මත උදැල්ලකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර දී ඇත.
පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනාගේ ජංගම දුරකථන දෙකක් එම ස්ථානයේ තිබී පොලිසියට හමුව තිබෙනවා.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…