දේශීය

උදෑල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

කැබිතිගොල්ලෑව, ගලවැව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

ඊයේ (28) සවස මෙම පහරදීම සිදුව ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 64ක් වන කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසනවා.

මරණකරු නිවස ආසන්නයේ වී මෝලක රැදී සිටින අවස්ථාවේදී එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පුද්ගලික ආරවුලක් මත උදැල්ලකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර දී ඇත.

පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනාගේ ජංගම දුරකථන දෙකක් එම ස්ථානයේ තිබී පොලිසියට හමුව තිබෙනවා.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 hour ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 hour ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago