Sunday, April 19, 2026
Homeදේශීයඉවත් කර තිබූ ලංගම බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත ධාවනයට

ඉවත් කර තිබූ ලංගම බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත ධාවනයට

අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන සඳහා එක් කර තිබෙනවා.

file

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

වැඩ නිම කෙරුණු බස් රථ 175ක් මෙලෙස භාර දෙනු ලැබූ අතර මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්න බව සඳහන් වෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මික අංශයේ ඉංජිනේරුවරුන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දායකත්වයෙන් අදාළ අළුත්වැඩියා කටයුතු සිදු කර ඇත.

මෙම බස්රථ 175 න් 15ක් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා “සිසු සැරිය” වැඩසටහනට ලබා දීමට නියමිත අතර අනෙක් බස් රථ මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට අදාළ ඩිපෝ වෙත භාරදීමට නියමිතයි.

file
file
READ:   ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්