Friday, September 11, 2026
HomeදේශීයUPDATE: තලවතුගොඩ වෙඩි තැබීම: තුවාල ලැබූ පුද්ගලයා මරුට

UPDATE: තලවතුගොඩ වෙඩි තැබීම: තුවාල ලැබූ පුද්ගලයා මරුට

බත්තරමුල්ල, තලවතුගොඩ වැලිපාරේ නිවසක වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේදී ඔහුට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයා 41 හැවිරිදි වැලිපාර, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඊයේ (20) රාත්‍රියේ ඇතුළත් කෙරිණි.

තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

READ:   කන්දකාඩු පුනරුත්ථාපනයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්