දේශීය

ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම දිගහැරේ…!

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් බුද්ධ ජයන්ති පාලි ත්‍රිපිටක පෙළ ඉංග්‍රීසි අකුරෙන් ලිවීම හා අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමට අදාළ සාකච්ඡාවක් අති ගෞරවණීය මහා සංඝරත්නය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමමේ අරමුණින් යුතුව මෙම කාර්යය සඳහා සාකච්ඡාව සිදු කෙරිණි.

මේ වන විට සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීම කළ යුතු බවට ද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරිතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය, හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 03ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

:බුද්ධ ශාසන හා බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යංශය

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

9 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago