file
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිපිටකය සම්බන්ධයෙන් බුද්ධ ජයන්ති පාලි ත්‍රිපිටක පෙළ ඉංග්‍රීසි අකුරෙන් ලිවීම හා අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමට අදාළ සාකච්ඡාවක් අති ගෞරවණීය මහා සංඝරත්නය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශවයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමමේ අරමුණින් යුතුව මෙම කාර්යය සඳහා සාකච්ඡාව සිදු කෙරිණි.
මේ වන විට සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීම කළ යුතු බවට ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරිතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය, හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 03ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කළ යුතු බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
:බුද්ධ ශාසන හා බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යංශය
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…