Tuesday, September 15, 2026
Homeදේශීයබෝතල් කුප්පි මූඩියක් උගුරේ සිරවී මල් කැකුලක් මිලිනවෙයි..

බෝතල් කුප්පි මූඩියක් උගුරේ සිරවී මල් කැකුලක් මිලිනවෙයි..

කුඩා ආලේපන කුප්පියක මූඩියක් උගුරේ සිරවීමෙන් අකුරැස්ක , තලහගම ප්‍රදේශයේ බිළිඳියක මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුද්දයි මාස 15ක් වන බිළිඳියකි.

සිද්ධිය වන අවස්ථාවේ බිළිඳිය අවුරුදු 07ක් වන වැඩිමහල් සහෝදරයා සමග නිවසේ සිට ඇති අතර ඇයගේ මව මුළුතැන්ගෙයි සිට තිබේ.

නැගණිය විසින් මුව තුළට දමා ගත් ආලේපන කුප්පියේ මූඩිය උගුරේ සිරවී ඇති බව දැක සොහොයුරා එය ඉවත් කිරීමට උත්සහ ගෙන ඇති අතර එය අසාර්ථක වී ඇති බව වාර්තා වෙනවා.

පසුව සොහොයුරා මේ බව කෑ ගසා මවට පියාට සහ මිත්තණියට කීමෙන් පසු ඔවුන් බිළිඳියගේ උගුරේ සිරවූ බෝතල් මූඩිය ගැනීමට උත්සාහ ගෙන ඇති අතර එය ද අසාර්ථක වී තිබෙනවා.

පසුව දැරිය කඹුරුපිටිය මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වන විටත් බිළිඳිය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම නියමිතයි.

READ:   ජංගම දුරකථන ටික ලොකර් දාන්න වෙයි! ලේකම් රාජ්‍ය සේවයට තදට අමතයි (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්