Thursday, February 12, 2026
Homeදේශීයමත්වී අධිවේගයේ බයික් පැද්ද බාසුන්නැහේ අත්අඩංගුවට

මත්වී අධිවේගයේ බයික් පැද්ද බාසුන්නැහේ අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළුව වැලිපැන්න දෙසට ගමන් කිරීමට උත්සහ කර තිබෙනවා.

එහිදී සැකකරු හඹා ගිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා විට අදාළ පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිසිය පවසනවා.

සැකකරු මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකි.

ඔහු මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   පාර්ලිමේන්තුවේ තනතුරක වෙනසක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්