හොලිවඩයේ රංගන ශීල්පීන් රංගන කාර්යන්ගෙන් ඉවත්ව වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.
ඒ සිනමා නිර්මාණ තුළින් තමන්ට ලැබිය යුතු ගෙවීම් හා ලාභ සාධාරණ ලෙස බෙදී නොයන බව පවසමින්.
චිත්‍රපට නිෂ්පාදනයෙන් ලැබෙන ලාභවලින් වැඩි කොටසක් තාක්ෂණික නිමැවුන්කරුවන් ලබාගන්නා බව ඔවුන් පෙන්වා දෙනවා.
හොලිවුඩයේ සියලු රංගන ශීල්පීන්ට සමානව එම ලාභාංශ බෙදී යන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විරෝධතාකරුවන් පවසයි.
වසර 60කට පසු හොලිවුඩය තුළ රංගන ශිල්පීන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය ද මෙය වෙනවා.
මේ සඳහා ශීල්පීන් 160,000ක් පමණ එක්වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර කෘතීම බුද්ධිය භාවිතයෙන් සහ පරිගණක භාවිතය තුළින් ශිල්පීන්ගේ මුහුණු හා කටහඬ නිර්මාණය කිරීමට ද ඔවුන් සිය විරෝධය පළ කර සිටිනවා.


