Wednesday, September 9, 2026
HomeදේශීයUPDATE: පේරාදෙණිය තරුණියගේ මරණය: වෙනස්ම කතාවක් හෙද සංගමය කියයි..

UPDATE: පේරාදෙණිය තරුණියගේ මරණය: වෙනස්ම කතාවක් හෙද සංගමය කියයි..

උදරාබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණියක් ඊයේ (12) හදිසියේ මිය ගියා.

මෙලෙස මියගියේ පොත්තපිටිය අලගල්ල ප්‍රද්ශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක්.

එන්නත් ලබාදීමෙන් පසු තම දියණිය මිය ගිය බව පවසා ඇගේ ඥාතින් චෝදනා කර සිටියා.

එම තරුණියගේ මරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ ලෙකම් එස්.බී.මැදිවත්ත මහතා අද මාධ්‍ටය අදහස් දක්වා සිටියා.

”මේකෙ සඳහන් කරලා තියනව මිලි ලීටර් 10ක මේ ඖෂධය දිය කරලා තමා රෝගියට ලබා දෙන්න කියලා තියෙන්නේ.මේ මොහොතේ රටේ රෝහල් පද්ධතිය තුළ ඊට අවශ්‍ය මිලි ලීටර් 10 සිරින්ජර් නෑ. නමුත් මේ හෙද නිලධාරිනිය අදාළ ඖෂධය 5CC සිරින්ජර් දෙකක දියකරලා තමා මේ ඖෂධය ලබා දීලා තියෙන්නේ. ඒකෙන් පස්සේ ඇති වුණු සංකූලතාවක් නිසා මේ මරණය වුණා කියන එක තමා අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ”

READ:   ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්