Oversight Committee on National Economic and Physical Plans.
මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ 05ක් පැවතිද එයින් බදු ගෙවනු
ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික
අධීක්ෂණ කාරක සභාවේ දී එහි සභාපති අලුත්ගමගේ මහතා කියා සිටියා.
මහින්දානන්ද මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලේ පසුගියදා ජාතික ආර්ථික හා භෞතික
සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වුණ අවස්ථාවේදීයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය වීමට ඇති හිග බදු මුදල රුපියල් බිලයන 904ක්
සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන්
82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවද ඔහු පෙන්වා දුන්නා.
ජාත්‍යන්තර මූලය අරමුදල විසින් ණය ලබා දීමේදී සැපිරිය යුතු කරුණු වන රටේ උද්ධමනය,
රටේ සංචිත ප්‍රමාණය සහ රාජය ආදායම පිළිබඳ සමාලෝචනය කිරීම් සිදු කරන දෙසැම්බර් මාසය වන විට ප්‍රශස්ත තත්ත්වයක පවත්වාගෙන යාම වැදගත් වන බවත්,සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා. ඒ නිසා රාජයේ ආදායම වැඩිකර ගැනීම සදහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග නිතර සාකච්ඡා කරමින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරන බවද
මහින්දානන්ද මෙහිදී ප්‍රකාශ කළා.
සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන්
82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් විතරයි
මෙහිදී ඉහත ආදායම ලබාගැනීමට නොහැකි වීමට හේතුද මහින්දානන්ද සභාපතිවරයා කරුණු විමසුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙනුයි.
මේවන විට දේශීය ආදායම් දෙපාර්තමේන්වට අය වීමට ඇති හිග බදු මුදල රුපියල් බිලයන 904ක්
බව මේ සාකච්ඡාවේදී අනාවරණය වුණා.
තවද මෙම කාරක සභාවට හෙලි වුණ තවත් කරුණක් වන්නේ මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සදහා
ලබාදෙන දත්ත සත්‍ය ඒවා නොවීම හේතුවෙන්ද බදු අය කර ගැනීමේ ගැටුලුවක් පවතින බවයි.
මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන විමලවීර දිසානායක,ඉරාන් වික්‍රමරත්න,සුදත් මංජුල,
ගුණතිල රාජපක්ෂ,ධම්මික පෙරේරා සහ මධුර විතානගේ යන පැමිණ සිටියා.
මනෝජ් රත්නායක
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…