Tuesday, July 21, 2026
Homeදේශීයශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉතාලියේදී දියේ ගිලී මියයයි..

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඉතාලියේදී දියේ ගිලී මියයයි..

ඉතිලියේ දී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉතාලියේ මිලානෝ නගරය ආසන්න ගඟක දිය නෑමට ගොස් සිටියදී අනතුරකට පත්ව මෙලෙස මියගොස් ඇත්තේ පිය පුතු දෙදනෙකි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වාර්තා වෙනවා.

පසුගියදා ඔවුන් ඥාතීන් පිරිසක් සමග මෙලෙස දිය නෑමට ගොස් ඇති අතර එහිදී පුත්‍රයා දියේ ගසා ගෙන ගොස් ඇත.

ඒත් සමග ඔහු බේරා ගැනීමට 60 හැවිරිදි පියා ද ගඟට පැන තිබේ.

එහිදී ඔවුන් දෙදෙනාම දියේ ගිලී අතුරුදහන්වූ බව එරටින් වාර්තා වේ.

මිය ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු හමුව ඇති අතර ඔවුන්ගේ අවසන් කටයුතු එරට දී සිදු කිරීමට ඥාතීන් තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා ටෙලිකොම් එකට නව සභාපතිවරයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්