දේශීය

බිහිසුණු ඔඩීසා අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයින් 292කට මරු කැඳවමින් ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙදෙනෙක් සහ කාර්මික ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනතුර සම්බන්ධයෙන් සිදු කරන විශේෂ විමර්ශනවලදී යි.

පසුගිය ජූනි දෙවැනි දා රාත්‍රීයේ සීග්‍රගාමී මගී දුම්රියක් ඇතුළු තවත් දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම දුම්රිය අනතුර සිදුවුණා.

ඉන්දියාවේ, සියවසේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙන එම අනතුරට දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුව බව අනාවරණය වුණා.

ඒ අනුව දුම්රිය අනතුර සම්බන්ධයෙන ඉන්දීය රජය විශේෂ විමර්ශනයක් ආරම්භ කර සිටියා.

විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක යි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

6 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago