දේශීය

UPDATE: චීවරදාරියාටයි කාන්තාවන් දෙන්නටයි පහරදීම: සම්බන්ධ 8ක් අත්අඩංගුවට

පුද්ගලයින් පිරිසක් විසින් හිමිනමකට සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුට පහර දෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඇතිවූ සිද්ධියක් මේ සඳහා මුල්ව තිබුණා.

අදාළ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට පෙර පොලිසියට උපදෙස් ලබා දී තිබුණා.

මින් එක් සැකකරුවෙකු ඊයේ (07) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් 07 දෙනා අද උදෑසන නවගමුව පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago