file
වැඩබලන පොලිස්පති කෙනෙකු පත් කරනවාද නැතිනම් චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දෙනවාද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවරා තිබේ.
හෙට (09) හමුවෙන් පසු අමාත්‍යවරයා ලබා දෙන නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා පත් කරණු ලබයි.
පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් වූ අතර ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න
මෙතෙක් තීරණය කොට නොමැත.
එම පසුබිම තුළ සති දෙකකට ආසන්න කාලයක සිට පොලිස්පති පුටුව හිස්ව පවතී.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති වික්‍රමසිංහ සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කල විමසීමකදී පැවසුයේ, වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න නිර්දේශ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇති බවයි.
හෙට හමුවෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යා ටිරාන් අලස්ගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු පත්කරනු ලබයි.
හෙට ඉරිදා 2023.07.09 පස්වරුවේ ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බවත් එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති වික්‍රමසිංහ විසින් ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.
එම සේවා දිගුව ඉකුත් ජුනි මස 25 වැනිදා අවසන් විය.
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් පෞද්ගල්කවම මුණගැසී ඇති බවටද ආරංචිමාර්ග පවසයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…