දේශීය

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි..

2023 මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

විභාගය සඳහා ඊයේ (07) සිට එළඹෙන 28 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අයදුම් පත් යොමුකිරීම www.doenets.lk හෝ www.onlineexsams.gov.lk/eic යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි හරහා සිදුකළ යුතුවේ.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ දුරකථන යෙදවුමක් වන (mobile app) “DoE ” වෙත පිවිස අදාළ උපදෙස් හොදින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අයදුම්පත පාසලේ විදුහල්පතිවරයාගෙන් සහතික කර ගත යුතු වේ.

පෞද්ගලික අයදුම්කරුවන් තම විභාග අයදුම්පත පෞද්ගලිකව යොමු කළ යුතුයි.

එමෙන්ම 2022 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින, යළි විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් මෙම මස 28ට පෙර අයදුම්පත් යොමු කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් විමසීම් ක්ෂණික ඇමැතුම් අංක 1911 හෝ ඍජු දුරකතන අංක 0112784208, 0112784537, 0112786616 හෝ පොදු දුරකතන අංක 0112786200, 0112784201,0112785202 හෝ ෆැක්ස් අංක 0112784422 ඔස්සේ කළ හැකියි.

විද්යුත් තැපැල් ලිපිනය – gcealexam@gmail.com 

file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

12 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

12 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago