file
මන්නාරම යාපනය මාර්ගයේ වෙල්ලන්කුලම ප්‍රදේශයේ දී කෝවිලක පූජා උත්සවයකට සහභාගී වී ටැක්ටර් රථයකින් යළි යමින් සිටි පිරිසිකට කළ පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 05 වනසදා අළුයම සිදුවූ මෙම පහරදීමෙන් ටැක්ටරයේ රියදුරු සහ එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 18ත් 35ත් අතර වෙල්ලන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
මෙම පිරිස යතුරු පැදි 04 කින් පැමිණ ටැක්ටර් රථය ලුහුබැඳ ගල් හා පොලුවලින් පහර දී ඇති බව අනාවරණය වී තිබේ.
මෙහිදී බරපතළ තුවාල ලබා ඇති වයස අවුරුදු 23ක් වූ ටැක්ටර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට මාරු කර යවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉලුප්පුකඩවෛ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…