දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද දිනයේ සිට (06) බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 45-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.


