file
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (05) සවස සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක්වූ වදුල්ලවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකි.
මරණකරු නාගලගම් වීදියේ ගමන් කරමින් සිටියදී පුද්ගලියින් පිරිසක් ඔහු ලුහුබැඳ පහරදීමට උත්සහ කර තිබේ.
එයින් බේරිම සඳහා අසළ වෙළදසැලකට අදාළ තරුණයා දිවගොස් ඇති අතර එහි පිමිණි සැකකරුවන් පිරිස ඔහුට විසින් තියුණු ආයුධවලින් පහරදී පළාගොස් ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇති මරණකරු ප්‍රදේශවාසින් විසින් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
කලක සිට පැවති ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
පලාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…