ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (05) පැවැත්වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඕමානය අතරයි.එම තරගය කඩුලු 07 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕමානය පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 221ක් රැස් කළා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 39යි පන්දු 4කදී ලකුණු 222ක් රැස් කරමින් එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 03ක් පමණක් දැවී සිටිය දී.
කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ෂායි හෝප් නොදැවී ලකුණු 63ක් රැස් කළා.
ඒ අනුව අද තරගය ජගතත්ත ද මෙවර ලෝක කුසලානය ගැන බලාපොරොත්තු තබා ගැනීමට කොදෙව්වන්ට හැකියාවක් ලැබුණේ නෑ.
ඒ සුපිරි 6 වටයේ මීට පෙර පැවති තරග සියල්ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙනි.


