Tuesday, February 17, 2026
Homeක්‍රීඩාස්කොට්ලන්තයට පරාජය වූ කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වෙයි

ස්කොට්ලන්තයට පරාජය වූ කොදෙව්වන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වෙයි

මෙවර ලෝක කුසලානය තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ට අහිමි ව තිබේ.

ඒ අද එම කණ්ඩායම එක්වූ සුපිරි 6 දෙනාගේ වටයේ තරගය පරාජයට පත්වීමත් සමගයි.

සුපිරි 6 දෙනාගේ වටයේ අද පැවති තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 07 කින් ජය ගැනිමට ස්කොට්ලන්තය කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 5ක් අවසානයේ රැස්කළේ ලකුණු 181ක් පමණයි.

ජයග්‍රාහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හබා ගිය ස්කොට්ලන්තය කණ්ඩායම 43වන පන්දුවාරයේ 3වන පන්දුවේදී සිය ඉලක්කය පසුකර ගියා.

ඒ කඩුලු 03ක් පමණක් දැවී සිටියදී.

ස්කොට්ලන්තය ජයග්‍රාහණය කරා ගෙන ගිය Matthew Cross නොදැවී ලකුණු 74(107) ක් සහ Brandon McMullen ලකුණු 69ක් (106) රැස් කළා.

READ:   රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීම අද සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්