දේශීය

සුපිරි 6 වටයෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය අද (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථාව සුපිරි 6 දෙනාගේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා හිමිව තිබේ.

සුපිරි හය දෙනාගේ වටය ආරම්භ කරමින් සිම්බාබ්වේ සහ ඕමානය ඊයේ (29) තරග බිමට පිවිසි අතර එම තරගය ලකුණු 14 කින් ජය ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

මේ දක්වා ක්‍රීඩා කළ සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හය දෙනාගේ වටයට එක් වෙනවා.

නෙදර්ලන්තය පසුගිය දා ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 22 කින් පරාජයට පත් කිරීමට සමත් වුණා.

ඒ අනුව අද තරගය ප්‍රබල තරගයක් වනු ඇති.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago