දේශීය

BREAKING NEWS: ප්‍රබල රුසියාව – වැන්ගර් හමුදාව හමුවේ පසු බැස්සා?

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ වැග්නර් කුලී හමුදා ප්‍රධානියා අතර එකඟතාවකට පැමිණ තිබේ.

ඒ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝගේ මැදිහත් වීමෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව මේ වන විට 25 ,000ක් පමණ වන වැග්නර් සටන්කාමීන් රැසියාවෙන් ඉවත් ව බෙලරුස් වෙත යෑම ආරම්භ කර ඇති බව සඳහන්.

රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන්වල නිරත වූ වැන්ගර් කුලී සේනාංකයේ නායකයා රුසියාවේ ආරක්ෂක අංශවලට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශ කිරීම සමඟ රුසියාව තුළ කැරැලිකාරී තත්වයක් ඇති වුණා.

සිය සේනාංක ඉලක්ක කර රුසියානු හමුදාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ප්‍රකාශ කරමින් වැන්ගර් සටන්කාමීන් රුසියානු හමුදාවට එරෙහිව සටන් ආරම්භ කර තිබුණා.

ඒ සඳහා ඔවුන් ඊයේ (24) මොස්කව් නුවර වෙත පැමිණයා.

එහෙත් පසුව, ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදාව ආපසු හැරී යන බව වැන්ගර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කර සිටියේ රුසියාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුවයි.

ඒ අනුව මේ වන විට මොස්කව් නුවර මාර්ග කිහිපයක් යළි සාමාන්‍ය පරිදි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

වැන්ගර් සටන්කාමීන් ගේ ක්‍රියා කලාපය හමුවේ ඊයේ වන විට මොස්කව් නුවර තුළ අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කරණු ලැබූ අතර ජනාධිපතිවරයා හදිසි ක්‍රියාමාර්ග සඳහා ආරක්ෂක අංශ වෙත අවසර ලබා දී තිබුණා.

එහිදී ඇතිව ඇති තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ. රුසියාව නොසිතු ආකාරයේ පාවාදීමකට හසුව ඇති බවයි.

file

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

18 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago