Wednesday, July 29, 2026
HomeදේශීයBREAKING NEWS: 30වැනිදා බැංකු නිවාඩුවක් දුන් අති විශේෂ හේතුව මහ බැංකු අධිපති...

BREAKING NEWS: 30වැනිදා බැංකු නිවාඩුවක් දුන් අති විශේෂ හේතුව මහ බැංකු අධිපති හෙළි කරයි

දේශීය ණය ප්‍රශස්තිකරණය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා යම් කිසි කාලපරාසයක් අවශ්‍ය වන බැවින් එක දිගට දින කිහිපයක නිවාඩු අවශ්‍යතාව මත ජූනි 30 වනදා ද විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම් කිරීමට තීරණය කළ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

30වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට හේතුවූ කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

රජය සහ මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර එම තීරණය ගත් බවයි ඒ මහතා පැවසුවේ.

ඔන්ලයින් ඇතුළු අනෙකුත් බැංකු ගණුදෙණු සඳහා එදින බාධාවක් සිදු නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   කොළඹට පැය 15ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්