විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ.
කැළණි විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති නිලවරණයේදී ඒ මහතා තේරීපත්ව ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා ලෙස ආචාර්ය අතුල සමරකෝන් මහතාත්, නව භාණ්ඩාගාරිකවරයා ලෙස අනුරුද්ධ කරුණාරත්න මහතාත් පත්ව ඇත.


