file
අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ විසින් මේ බව තහවුරු කර ඇත.
සබ්මැරීනය විසින් සුන්බුනූ බැලීමට ගිය ටයිටැනික් නෞකාව ආසන්නයේ තිබී ටයිටන් සබ්මැරීනයේ යැයි සැක කරන කොටස් 5ක් හමුව තිබේ.
ටයිටන් යාත්‍රාව පිපිරීමකට ලක්ව ඇති බව බලධාරින් ප්‍රකාශ කරනවා.
ඉකුත් ඉරිදා ටයිටන් සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අත්ලාන්තික් සාගරය වෙත පිටත්ව ගොස් තිබුණා.
ඒ පුද්ගලයින් 5 දෙනෙකු සමඟයි.
සබ්මැරීනය පිටත්ව පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනයේ සියලු සබඳතා බිඳ වැටුණු බව සබ්මැරීනයේ හිමිකරු ඕෂන් ගේට් සමාගම පැවසුවා.
අතුරුදහන් වූ සබ්මැරීනය සොයා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තවත් රටවල් රැසක සහය ඇතිව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…