file
එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර පැවති තරගය කඩලු 10 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමානය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 98ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 15 ක් තුළ සිය ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 61 සහ පැතුම් නිස්සංක ලකණු 37 ක් වශයෙන් රැස් කළා.
පෙර පැවති තරඟ දෙකම ජයග්‍රාහණය කරමින් ඕමානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට අද හැකියාව ලැබුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…