Wednesday, April 15, 2026
Homeදේශීයඅත්ලාන්තික් මුහුදේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයට සිදුවූ දේ..

අත්ලාන්තික් මුහුදේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයට සිදුවූ දේ..

අත්ලාන්තික් මුහුදේ ගිලුණු ටයිටන් සබ්මැරීනය කුඩා බැවින් මුහුද මතුපිට යොදවා ඇති නැව් ඇතුළු අනෙකුත් යාත්‍රාවලට එය නිරීක්ෂණය කළ නොහැකි බව විශේෂඥයින් පවසනවා.

සාගරය ගැඹුරේ ක්‍රියා කළ හැකි දුරස්ථව ක්‍රියාත්මක වන (ROV) යන්ත්‍ර මෙහෙයුම් සඳහා යොදා ගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලිස්ටෙයාර් ග්‍රේග් පවසා ඇත්තේ මුහුදු පතුලේ සුන්බුන් අතර ටයිටන් සබ්මැරීනය සිරව තිබී දුරස්ථ පාලන යාත්‍රා මගින් මුදා ගත්තද එය ස්බාවිකව මතුපිටට පැමිණීමට සමාන්‍යයෙන් පැය 02ක කාලයක් ගත වන බවයි.

මේ හේතුවෙන් සෑම අවස්ථාවකම කාලය ගැන සැලකිල්ලෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කල යුතු බවයි ඒ මහතා පවසනවා.

ගෙවුණු ඉරිදා පෙරවරු 08.00ට ටයිටන් සබ්මැරීනය අමෙරිකාවේ නිව් සවුත්වේල්ස් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇත්තේ අත්ලාන්තික් ගැඹුරු මුහුද පත්ලේ (අඩි 12.500ක් පමණ) පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහායි.

බ්‍රිතාන්‍ය නෞකාවක් වන ටයිටැනික් නෞකාව 1912 දී සිය මංගල ගමනේදී අයිස් කන්දක ගැටීම හේතුවෙන් අත්ලාන්තික් මුහුදේ ගිලී ගියා.

එම අනතුරින් මිනිසුන් 1500කට වැඩි පිරිසකට දිවි අහිමි වුණා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට පිටත්ව ඉන් පැයයි විනාඩි 45කට පසු ටයිටන් සබ්මැරීනයේ සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇත.

සබ්මැරීනය තුළ පැය 96 ක් සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් ඇති බව සබ්මැරීනයේ හිමිකාරිත්වය දරණ සමාගම ප්‍රකාශ කර තිබුණා.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බැලීම සඳහා පිටත්ව ගිය පිරිස අතර බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියකු වන 58 හැවිරිදි හමීෂ් හාඩින්, පකිස්ථානයේ ප්‍රකට ව්‍යාපාරික පවුලක සාමාජිකයන් වන එන්ග්‍රෝ කෝපරේෂන් සභාපති, ශසඩා ඩාවුඩ්, 19 හැවිරිදි ඔහුගේ පුත්‍රයා වන සුලේයිමාන්, යාත්‍රාව අයත් OceanGate සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සහ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් සහ නියමු ප්‍රංශ ජාතික පෝල් හෙන්රි ඒ අතර වේ.

මෙම සංචාරය සඳහා එක් අයෙකුගෙන් OceanGate ආයතනය ඩොලර් 250,000 ක් අය කරනු ලබන බව සඳහන්.

සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක යි.

READ:   Online පනත් කෙටුම්පත ගැසට් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්