ත්‍රස්වාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නඩා අල් නෂීෆ් පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනයට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ඇය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාළනය සඳහආ ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවද ඇය සඳහන් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කරන බව ඇය පවසා ඇත.
පුරාවිද්‍යා වන වගා හෝ ආරක්ෂක අරමුණු වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය ගැන ප්‍රසංශා පළ කරන බව නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.


