Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS: විමල් වීරවංශට වරෙන්තු

BREAKING NEWS: විමල් වීරවංශට වරෙන්තු

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඒ මහතා අද (19) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

2016 වසරේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වීම තුළින් මහජන පීඩාවක් සිදුකර ඇති බවට හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

එම නඩුව අද කැඳවු අවස්ථාවේ එහි පළමු විත්තිකරු වන විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

නඩුව සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය තීරණය කළා.

READ:   ආයෙත් අද තද වැස්සක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්