ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එක්සත් අරාබි එමීර් (UAE) කණ්ඩායමට එරෙහිව සහභාගි වූ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 175ක විශිෂ්ට ජයක් හිමිවිය.
අද (19) තරගයේ කාසිය වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 355ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක්,කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් සහ සදීර සමරවික්‍රම ලකණු 73 ක් වශයෙන් ලබා ගත්තා.
චරිත් අසලංක පන්දු 23කින් ලකුණු 48ක් රැස් කළා.
පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් අලි නසීර් කඩුලු 02 ක් දවාගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 356ක ඉලක්කයක් හබා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකණු 180ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකණු 33කට කඩුලු 06ක් දවාගත්තා.



