Sunday, April 19, 2026
Homeදේශීයකැබිනට් සංශෝධනයේදී තමන්ට අයත් විෂයන් ඉවත් කරනවාට ඇමතිවරු අකමැති වෙති

කැබිනට් සංශෝධනයේදී තමන්ට අයත් විෂයන් ඉවත් කරනවාට ඇමතිවරු අකමැති වෙති

විෂයන් දෙක තුනක් ඇති කැබිනට් අමාත්‍යවරු තමන්ගේ විෂයන් ඉදිරි කැබිනට් සංශෝධනයේදී අඩු කරනවාට අකමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

සමහර කැබිනට් අමාත්‍යාවරුන් ජනාධිපති වරයාට හා ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට තමන්ගේ අමාත්‍යාංශවල විෂයන් ඉවත් නොකරන ලෙස පවසා ඇත.

අද දින පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්‍යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බවයි.

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පසුව ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කරන ලද මන්ත්‍රීවරුන් තම අමාත්‍යාංශ ඉවත් කරනවාට අකමැති බව මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.

READ:   දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්