Monday, April 20, 2026
Homeදේශීයරැස්වීමට මන්ත්‍රීවරු ගෙන්නගන්න ඕනෙනම් පක්ෂය දැනුවත් කරන්න - නාමල් ජනාධිපති කාර්‍යාලයට කියලා

රැස්වීමට මන්ත්‍රීවරු ගෙන්නගන්න ඕනෙනම් පක්ෂය දැනුවත් කරන්න – නාමල් ජනාධිපති කාර්‍යාලයට කියලා

සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යෙෂ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය මතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨයන් හා දිස්ත්‍රික් නායකයින් ගෙන්වනවානම් පක්ෂයෙන් අවසර ගෙන පක්ෂය හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දන්වන ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත් දේශපාලන කාරණා පිලිබදව කතා කරන්නේ නම් පක්ෂ නායකයින් මුලින් දනුවත් කල යුතු බවද මෙහිදී නාමල් රාජපක්ෂ දන්වා තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ ජේශ්ඨයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් හෙට රැස්වීම පිලිබදව දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

READ:   BREAKING-තැපැල් ඡන්දය කල් යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්