Tuesday, February 17, 2026
Homeදේශීයවන්දනාවේ ගිය වෑන් රථයක් පෙරළී අනතුරක්

වන්දනාවේ ගිය වෑන් රථයක් පෙරළී අනතුරක්

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

ඊයේ (04) සවස් කාලයේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

වෑන් රථයේ පිටුපස ටයරය පුපුරා යෑමෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළී තිබේ.

තුවාලකරුවන් වාලව්චේන රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් වන්දනා ගමනක් යමින් සිටි වැලිකන්දේ ප්‍රදේශයේ පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.

වාලච්චේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්