දේශීය

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ජයගත්තා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 323 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 43 ක් වශයෙන් රැස් කළා.

ලකුණු 324 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 191 ක් පමණි.

ඒ තරගයේ තවත් පන්දුවාර 06 ක් ඉතිරිව තිබිය දී. (42.1)

පන්දු යැවීමේදී වනිඳු හසරංග සහ ධනංජය ද සිල්වා කඩුලු 3 බැගින් දවාගත්තා.

දුෂ්මන්ත චමීර ක්‍රියාත්මක කළ පන්දුවාර 07 සඳහා ඔහු ලකුණු 18 ක් පමණක් ලබා දීම විශේෂත්වයකි. ඒ කඩුලු 02 ක් ද දවාගනිමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවන එක්දින තරගය ලකුණු 132 ක, විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

10 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago