Saturday, April 18, 2026
Homeදේශීයපිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු - ජනපති පොසොන් දින පණිවිඩයෙන්...

පිවිතුරු බුදු දහමත්, බොදු උරුමයත් සුරැකීමට කැපවෙමු – ජනපති පොසොන් දින පණිවිඩයෙන් කියයි

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පොසොන් දින පණිවිඩයෙන් පවසනවා.

ජනාධිපතිවරයාගේ පොසොන් දින පණිවිඩය,

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේය.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමගය.

එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබූ, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර ගනිමු.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී මම සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවායි! ප්‍රාර්ථනා කරමි.

READ:   BREAKING NEWS: රන්ජන් රාමනායකට වරෙන්තු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්