Monday, July 27, 2026
Homeදේශීයපළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

READ:   BREAKING: කොට්ටාව පාසලක් අසළ වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්