විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 සංච්තයට ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ නම ද ඇතුළත් කර තිබෙනවා.
ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් යටතේ ලොව හොඳම ක්‍රීඩක කණ්ඩායම නම් කරනු ලබයි.
මතීස පතිරණ මෙවර අයි.පී.එල් ශූරතාවය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ අතර එහි නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර අයි.පී.එල් විශේෂ ක්‍රීඩකයින් 11 අතරට විස්ඩන් සඟරාව විසින් නම් කර නොමැතිවීම කැපී පෙනේ.
ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ මෙවර අයි.පී.එල් තරඟාවලිය පුරාවට තරඟ 12 කදී කඩුලු 19 ක් බිඳ හෙළිමට සමත්ව ඇති අතර ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවති අවසන් මහා තරගයේ දී කඩුලු දෙකක් ලබා ගැනීම ඔහු සමත්විය.


