සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ අද (30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව සිසුසැරිය පාසල් බස් රථ සේවාව සඳහා රජයෙන් 70 % ක් සහ දෙමාපියන්ගෙන් 30 % ක් ලබා ගැනීමට සිදුවන බව අමාත්‍යවරයා පැවසුවා.
එම මුදල ගෙවීමට නොහැකි දෙමාපියන් සිටී නම් එම දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා අයකිරීමකින් තොරව එම සේවාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවා.
එලෙස 30% ක ගාස්තුවක් අය නොකළ හොත් එම සේවාව නතරකිරීමට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…