Thursday, March 26, 2026
Homeක්‍රීඩාචෙන්නායි රජවරු 5 වැනි වරටත් අයි.පී.එල් කිරුළ දිනා ගනී..

චෙන්නායි රජවරු 5 වැනි වරටත් අයි.පී.එල් කිරුළ දිනා ගනී..

අයි.පී.එල් ශරතාවය 5 වන වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (29 ) සමත් වුණා.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Sai Sudharsan 96 ක්, Wriddhiman Saha ලකුණු 54 ක් සහ Shubman Gil ලකුණු 39 ක් වශයෙන් රැස් කළා.

මෙහිදී චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ කඩුලු 2ක් ලබා ගත්තා.

අනතුරව පිටියට පිවිසි චෙන්නායි තණ්ඩායම ලකුණු 4 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගය පැය දෙකක් මිනිත්තු 20 කට නතර කෙරුණා.

ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15 ක් තුළ ලකුණු 171 ක ඉලක්කයක් චෙන්නායි පිලට හිමිවුණා.

චෙන්නායි පිල කඩුලු 05 ක් දැවී සිටියදී ඉනිමේ අවසන් පන්දුවේ දී එම ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේ දී

කොන්වේ ලකුණු 47 ක්, ගයික්වඩ් ලකුණු 26 ක් ,අජින්කෙයා රහානේ ලකුණු 27 ක් සහ ශිවම් ඩූබේ නොදැවී ලකුණු 32 ක් වශයෙන් රැස් කළා.

පන්දු 6 කින් නොදැවී ලකුණු 15 ක් ලබා ගත් රවින්ද්‍ර ජඩේජා චෙන්නායි පිල ජයග්‍රාහණය වෙත රැගෙන ගියා.

READ:   පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්