Thursday, March 26, 2026
Homeක්‍රීඩාකිරුළ හිම් ශූරයන් තීරණය කෙරෙන IPL අවසන් මහා සටන ඇරඹේ.

කිරුළ හිම් ශූරයන් තීරණය කෙරෙන IPL අවසන් මහා සටන ඇරඹේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වසන්තයේ කිරුළ හිමි ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

ඒ මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ හර්දික් පණ්ඩයා නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර යි.

ඉන්දියාවේ අහමබාද් නුවර, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගය පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 62 කින් පරාජය කරමින් දෙවන වරටත් අවසන් මහා තරගයට පිවිසීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පෙරේදා (26) සමත්වුණා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අයි.පී.එල් අවසන් සටනට පැමිණෙන 10 වන අවස්ථාව මෙය වන අතර අවස්ථා නවයෙන් අවස්ථා හතරකදී ඔවුන් අයි.පී.එල් ශූරතාව හිමි කරගෙන තිබේ.

ලොව ධනවත්ව හා ජනප්‍රියම ක්‍රිකට් තරගාවලියක් වන අයි.පී.එල් තරගාවාලියේ මෙවර ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය කෙරිහි ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අවධානය යොමුව තිබේ.

file
file
READ:   අරගලේ වෙච්චි සිද්ධි වලට විශේෂ අධිකරණයක් ඕනී! වන්දි ගන්ඩ ඕනී! - රෝහිතගේ වේදනාව ඇවිස්සෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්