දේශීය

මංගල උත්සවයේ මල් වෙඩිල්ලෙන් තරුණයෙකු මරුට..

තඹුත්තේගම,තේක්කවත්ත ප්‍රදේශයේදී මල් වෙඩිලක් පත්තුවීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක් වූ තේක්කවත්ත , තඹුත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

ඔහු සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයේ මල්වෙඩි පත්තු කරමින් සිටියදී මල් වෙඩිල්ලක් පත්තු නොවීම හේතුවෙන් නැවත වරක් එය අසලට ගොස් නූලට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එය පත්තු වී ඔහුගේ හිසේ වැදී ඇති බව පොලිසිය පවසනවා.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago