file
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
ඒ මහතා මේ බව පැවසුවේ “ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා”යන මැයෙන් ඊයේ (26) පෙරවරුවේ ටෝකියෝ නුවර දී පැවති ව්‍යාපාරික වට මේස සාකච්ඡාවකට එක්වෙමිනි.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් JETRO ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම හමුව සංවිධානය කර තිබුණා.
එහිදී ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කර සිටියා.
අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගනිමින් තිරසර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ ජනාධිපතිවරයාගේ කැපවීම මෙම ව්‍යාපාරික වට මේස සාකච්ඡාව පුරාවටම මනාව තහවුරු කෙරිණි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ හමුවකට ද එක් විය.
ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙළ පිළිබඳ එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිළි කළ අතර, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාන්ග් (Trần Lưu Quang) මහතා අතර සාකච්ඡා ද ටෝකියෝ නුවරදී පැවැත්විය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව එහිදී නායකයන්ගේ අවධානය යොමු කර තිබේ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…