Saturday, April 18, 2026
Homeදේශීයටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්...

ටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට

ටිකිරි කේ. ජයතිලක මහතා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

ඒ මහතා එම ධුරයන් සඳහා 2023. 05. 23 දින සිට පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කර සිටියා.

2002 වර්ෂයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ටිකිරි කේ. ජයතිලක මහතා රජයේ අධිනීතීඥයෙකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ රැසක නඩු කටයුතු මෙහෙයවා තිබේ.

වර්ෂ 2006 දී අධිකරණ සේවයට සම්බන්ධ වූ ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයෙකු සහ අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අධිකරණ ගණනාවක සේවය කොට ඇත.


2015 වර්ෂයේ දී සහකාර මහ ලේකම්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්වන ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සේවා පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

ටිකිරි කේ. ජයතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ද, නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධිය ද හදාරා ඇත.

READ:   වෙළඳසැලක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්