Thursday, August 13, 2026
Homeක්‍රීඩාදෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහ තරගයට

දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහ තරගයට

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (23) ලකුණු 15 කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිණූ ගුජරාට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ දී කඩුලු 07 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.

ලකුණු 173 ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

කෙසේවෙතත් අවසන් මහ තරගයට පිවිසීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිව තිබෙනවා.

READ:   වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්