හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අධිකරණය වෙත කැඳවා තිබේ.
ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩු විභාගයට පෙනී සිටීම සඳහායි.
ඒ අනුව ඇපමත මුදාහැර සිටින මර්වින් සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර අදාළ නඩුව ලබන නොවැම්බර් 07 වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.


