දේශීය

සමාජ මාධ්‍ය කැලඹූ පාසල් සිසුන් 5දෙනා අත්අඩංගුවට..

බණ්ඩාරවෙල සිසුන් පිරිසික් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට පහරදී පිහියකින් තුවාල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකාර සිසුන් තිදෙනෙක් ඊයේ (22) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ තුළ සංසරණය වූ විඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට පත් සිසුන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන බණ්ඩාරවෙල හා හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

එමෙන්ම සංසරණය යූ විඩියෝවේ ගැටුම ඇතිකරගත් සිසුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක ගැටුමක් ඇතිකර ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එම සිසුන් දෙදෙනා වයස අවුරුදු 16 පසුවන බණ්ඩාරවෙල හා දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago